ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා යෝජනාවක් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශ කාරක සභාවට ඉකුත් 24 දා අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී.
ඒ පිළිබඳ පත් කළ තාක්ෂණික කමිටුව මඟින් පාසල් විෂය මාලාව තුළ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපනය මෙම ප්‍රතිසංස්කරණවලින් පසුව නීතිය සහ පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමට යෝජනා කර තිබේ. අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ සහභාගිත්වයෙන් පැවැති එම අමාත්‍යාංශ උපදේශක සභාවේදී නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මඟින් ශිෂ්ට සම්පන්න සමාජයක නීතියෙන් තහවුරු කර ඇති යුතුකම් සහ වගකීම් ගැන අවබෝධයක් ලබා දීම ඇතුළු අරමුණු රැසක් අපේක්ෂිතය.