නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක්

නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම්  කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

නීතිපතිවරයාගේ තීරණය  පිළිනොගන්නේ නම්  ආණ්ඩුව කළ යුත්තේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා එසේ කටයුතු නොකර  ආණ්ඩුව හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන  නීතිපතිවරයාට පහර දීම  යුක්ති සහගත නැතැයිද ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා නිදහස් කිරීමට උපදෙස්දී  ඇත්තේ ලසන්ත වික්‍රම තුංග මහතාගේ රියැදුරා පැහැර ගන්නා ලදැයි කියන සිද්ධියේ  සැකකරුවන් තිදෙනෙකු බවත්  වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණ  දිගටම යන බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

පක්ෂ විපක්ෂ බොහෝ දෙනකු මෙම සිද්ධිය වැරදි ආකාරයට පටලවාගෙන ඇති බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *