නිෂ්පාදන ආර්ථිකයක් එක් දිනකින් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා සමස්ත ජාතියම කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍ර 19 තුළම අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉඩකඩ පවතින අතර දෛනිකව ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනම් පියවර ගත යුතු බවද ඔහු පැවසීය.
අධික ශීත දේශගුණයක් ඇති රටවල, හිම නොමැති මාස හය තුළ, මිනිසුන් නිවාස සංකීර්ණවල කොරිඩෝවල පවා භාජන වල පැල වගා කිරීමේ නිරත වන අතර එමඟින් ආර්ථික වර්ධනයට දායක වේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය ආධාර යටතේ රටේ මූලික අවශ්‍යතා සපුරාලීමේ පසුබිම තුළ ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්ත්වයන් ජය ගැනීමට රජය සහ රටේ අනෙකුත් ආයතන ඇතුළු සමස්ත ජනතාවම නිසි ලෙස සූදානම් විය යුතුය. දේශගුණික විපර්යාස ලෙස ඔහු වැඩිදුරටත් පැවසීය.