නිවාස අධිකාරිය අනුන්ගේ ඉඩම්වල ගෙවල් හැදූ කතාවක් එළියට

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිටි සමහර නිලධාරීන් අනුන්ගේ ඉඩම් වල නිවාස හදා ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.

එම නිලධාරීන් දැනට විශ්‍රාම ගොස් ඇති බව කී සූරියආරච්චි මහතා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අදාල යුග වල කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති හෙයින් වර්තමානයේදී ඒවාට ගෙවීම් කරන්නට සිදුවී තිබෙන බව සභාපතිවරයා කීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරීවරුන්ගේ සමුළුවට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව කීය.බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී මෙම සමුළුව පැවැත්විණි.

ටොරින්ටන් නිවාස ව්‍යාපෘතියටත් එවැනි වැඩක් සිදුවී තිබෙන බව කී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම ඉඩම වෙනුවෙන් එක් කෝටි අසූ ලක්ෂයක් ගෙවීමට සිදුවී ඇති අතර එය ගෙවා දැමීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දෙන බව සඳහන් කළේය.

නිලධාරීන් හරියාකාරව රාජකාරී නොකළ නිසා මෙවැනි දේ සිදුවන බවත් ඒවාට පරීක්ෂණ, නිරීක්ෂණ, චක්‍රලේඛ කිසිවක් නැතැයි සභාපතිවරයා කීය.

ටොරින්ටන් නිවාස ව්‍යාපෘතියෙන් මුදල් ගෙවා නිවාස ගත් මිනිසුන්ට අදටත් ඔප්පු නැතැයි කී සභාපතිවරයා එම ජනතාව ඔප්පු ගන්නට එන විට මේ ප්‍රශ්නය මතු වූ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *