නිවසක අල්මාරියක තිබී රුපියල් කෝටියකට අධික වටිනා අයිස්…

තලෙයි මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂමව සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1.240 ක ප්‍රමාණයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බවට තලෙයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් පැවසූහ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පේසාලෙයි ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කොට ඇති අතර එහිදී නිවසේ තිබූ ඇඳුම් අල්මාරිය තුල සූක්ෂමව සඟවා තිබූ අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබූ අතර නිවසේ සිටි 24 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් තලෙයිමන්නාරමට රැගෙනවිත් විකිණීම සඳහා සූදානම් කොට තිබූ බවටද පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

සොයාගත් අයිස් ම්ත්‍රදව්‍ය තොගය සමගින් අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පේසාලෙයි පොලීසිය වෙතට භාරදීමට තලෙයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *