නිල සංචිත ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළට

මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවත් මේ අනුව මේ පසුගිය මාසය වන විට  ඩොලර් බිලියන 6.51 ක සංචිත තිබූ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  සඳහන් කළේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව  ඩොලර් බිලියන 5.99 ක විදේශ සංචිත තිබූ බවද ඔහු පැවසීය.

ඔක්තෝබර් මාසයේදී  ඩොලර් බිලියන 6.47 ක්, නොවැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6.45ක්,දෙසැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 6.12ක්, ජනවාරි මාසයේදී ඩොලර් බිලියන6.06 ක් හා පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 6.08 ක් වූ බවද හෙතෙම පවසා සිටියේය.

මෙම සංඛ්‍යාලේඛන මහ බැංකුව විසින් නිකුත් කළ නිල සංඛ්‍යා ලේඛන හෙයින් ඒවා පිළිගන්න ලෙසද ඇමතිවරයා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *