නිලන්තට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ගොනුකළ පෙත්සම සලකා බැලීම සදහා දින නියම කෙරුණා.

මෙම පෙත්සම ජූලි 25 වනදා කැඳවීමටයි අභියාචනාධිකරණය නියම කළේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම පෙත්සම අද කැදවූ අවස්ථාවේ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියා.

විරෝධතා ගොනු කිරීමට දිනයක් ඔහු ඉල්ලා සිටි අතර එම විරෝධතා ජුනි 25 වනදා හෝ ඊට පෙර ලබා දෙන ලෙස නියෝග කෙරුණා.

සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *