නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති මත් සාදයෙන් අනතුරුව   රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.

සාදය සංවිධානය කළ බව කියන බන්ධනාගාර නියාමකවරයාද බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයාද ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුබේයිර්  නොහොත් සුමේද (46) නමැති පුද්ගලයෙකි.මත්පැන් සාදය පැවැත් වූ ස්ථානයේ තිබී අඩක් අවසන් කළ ඉස්තරම් වර්ගයේ  විස්කි බෝතල් දෙකක් හා බයිට් වර්ගද පොලිස් භාරයට ගෙන ඇත.

මියගිය පුද්ගලයා  ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමෙකු බවත්  ඔහු මීට පස් වසරකටඉහතදී  හොරයින් මත්කුඩු  කිලෝ 54 ක් හා ටී 56 ගිනි අවි 3 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට මෑතකදී අධිකරණය මගින් ඇප මත මුදා හැරිය පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *