නියඟයෙන් රටපුරා කුඹුරු අක්කර 51,000කට වැඩි ප්‍රමාණයකට හානි

පවතින නියඟය හේතුවෙන් රටපුරා කුඹුරු අක්කර 51,055.19කට හානි සිදුව තිබේ. එමෙන්ම අනෙකුත් වගා හානි ප්‍රමාණය අක්කර 424.70ක් වන අතර, සමස්ත වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89ක් බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් සකස් කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව සකස් කරන ලද දෛනික වාර්තාව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (23) ලැබිණි.

වාර්තාවට අනුව කුඹුරුවලට හානි වූ ගොවීන් සංඛ්‍යාව 45,678 ක් වන අතර අනෙකුත් වගා හානිවලට අදාළ ගොවීන් සංඛ්‍යාව 394 කි.

වැඩිම වගා හානියක් වන අක්කර 24,647.92 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි වූ ගොවීන් සංඛ්‍යාව 29,472 කි. දෙවන වැඩිම වගා හානි ප්‍රමාණය උඩවල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එය අක්කර 14,067 කි. ගොවීන් සංඛ්‍යාව 5,867 කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හානියට පත් වී අක්කර 1,898.25 ක් වන අතර, හානියට පත් ගොවීන් සංඛ්‍යාව 1,787 කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 699.75ක් හානියට පත්ව ඇති අතර විපතට පත් ගොවීන් සංඛ්‍යාව 320කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 336.20ක වගා හානි හේතුවෙන් ගොවීන් 292ක් පීඩාවට පත්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *