නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජේදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

වෘත්තීය සමිති නායක ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසීය.

ආණ්ඩුවේ ඇමැතිවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු කරගත් බව කී මෛත්‍රීපාල මහතා ඔහු ඇමැති ධූරයට කිසිඳු කැමැත්තක් නොමැති බව ද සඳහන් කළේය.

විජයදාස රාජපක්‍ෂ මහතාට නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඒ මහතා පැවැසීය. විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ වැඩි පිරිසකගේ කැමැත්ත ඇති බවත් තමන් එක වරක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතරම එම අවස්ථාවේදී දිවුරුම් දෙන අවස්ථාවේදී නැවත ඉදිරිපත් නොවන්නේයැයි ප්‍රකාශ කළ බවත් සිරිසේන මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *