පසුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයින් 837 දෙනෙක් හඳුනාගෙන ඇති බව එම පළාතේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. ආර්. එම්. තවුෆීක් මහතා පැවසුවේ එම කාලය තුළ මරණ 5ක්ද වාර්තා වී ඇති බවය.
ඒ අතුරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි. එම ගණන 342කි.