නාවික හමුදා මෙහෙයුමකින් මත්ද්‍රව්‍යය සමඟ සැකකරුවන් 09ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය මගින් ලබාදුන් තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම විශේෂ මෙහෙයුමේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදි.

එම සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදෙස් ජාතික සැකකරුවන් 09 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා “සිදුරළ“ නෞකාවේ ආරක්‍ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *