නායයෑමේ රතු නිවේදනයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එම නිවේදනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ, ඉඹුල්පේ, බළන්ගොඩ, ඕපනායක සහ කොළොන්න ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රදේශයට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රදේශය සඳහා පළමු මට්ටමේත් දොළුව සහ පස්බාගේ කෝරළේ සඳහා දෙවන මට්ටමේත් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශය සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

යාවත්කාලීන වූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *