‘නාමල් දැක්ම’ එළිදකියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා  ජනගත කළේය.

කොළඹ අයි.ටී.සී. රත්නදීප පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදී ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.

එහිදී ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා එම පක්ෂයේ වැඩපිළිවෙල ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ යන තේමාව යටතේ ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම උත්සවයට සහභාගි වූහ.

පිටු 50 ක සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැන ක්ලික් කර කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *