ලබන සතියේ දින තුනක් නාගරික ප්‍රදේශවල ශාරීරික පන්ති සඳහා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා (28), බදාදා (29) සහ බ්‍රහස්පතින්දා (30) පාසල් පැවැත්වේ.
මෙම පාසල්වලද ප්‍රාථමික අංශ පැවැත්වෙන දින ගණන තීරණය කිරීමේ බලය ඇත්තේ විදුහල්පතිවරයාටයි.
නොපැමිණෙන දිනවල සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් / පැවරුම් / නිවෙස් පදනම් කරගත් ක්‍රියාකාරකම් හරහා ඉගෙනුම් ක්‍රියාකාරකම් දිගටම කරගෙන යාමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව නාගරික නොවන ප්‍රදේශවල අනෙකුත් පාසල් දින 5ම සාමාන්‍ය පරිදි විවෘතව තැබේ.