නව සර්වේයර් ජනරාල් පත් කරයි

සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සර්වේයර් ජනරාල් ලෙස සේවය කළ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ.කේ.එස්.පී. විජේසිංහ මහතා වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත2025 -01-22 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.

ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවා විශේෂ ශ්‍රේණියේ නිලධාරී වයි.ජී. ඥානතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *