නව සභාපතිවරු පත්වෙති

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති  ලෙස ඩබ්ලිව්  ප්‍රින්ස්  සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු  ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පත් කරනු ලැබ  ඇත.

චිත්‍රපටිසංස්ථාවට  අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන්  ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,  එම් ඩී මහින්දපාල, ඩබ්ලිව්.  ජි.ටිකිර වික්මල් නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම් එස් ජේ කේ බණ්ඩාර , බී එන් දම්මින්ද කුමාර සහ  වයි. අයි.. ඩී. ගුණවර්ධන  යන මහත්ම මහත්මිහු ද පත්කර තිබේ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට මහාචාර්ය කේ ,එස්. වන්නිආරච්ච,ආචාර්ය ඒ එම් එස් අතපත්තු,  ඉංජිනේරු ඩී.  එස්  කේ.ජයලත්  එම් කේ ප්‍රසංග චතුරංග, පි ඩබ්ලිව් .ඩී.තිසරංගනී පෙරේරා, ජි එච් වයි.මංජුල සිරිසෝම ජෙයචන්දුන්මුර්ති  රජීවන්, ආචාර්ය එම් කේ. ද. පැස්කුවෙල් සහ   අයි ජි සුලක්ඛනා කුමාරි යන මහත් මහත්මහු ඇතුළත් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *