නව විදුලිබල පනතට සංශෝධන

නව විදුලිබල පනත වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධන, යෝජනා සහ නිර්දේශයන් එම පනතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාල නව කාලරාමුව සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් අපේක්ෂා කරන මෙන්ම ලැබෙන සහයන් සම්බන්ධයෙන් පාර්ශශවකරුවන් දැනුවත් කළ බව ද අමාත්‍යවරයා කීය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මෙරට ප්‍රධානීන් ඇතුළු එම නියෝජිත ආයතනවල නිලධාරීන්, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ඇමෙරිකා ජනපද නියෝජිත ආයතනයේ නියෝජිතයන්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද ඒ සදඟා වන සාකච්ඡාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *