‘නව නිදහස් අරගලය අවසන් කරනවා’ – වකමුල්ලේ උදිත හිමි

ශ්‍රී ලංකාවේ නව නිදහස් අරගලය ජාතික ජනබලවේගය අවසන් කරන බව  ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.

මහනුවරදී පැවැති ජාතික භික්ෂු පෙරමුණේ මහ සඟ සමුළුවේදී වකමුල්ලේ උදිත හිමියෝ එසේ පැවසූහ.

මෙරට දේශපාලන, ආර්ථික, සමාජමය, සංස්කෘතික වශයෙන් වැනසීමේ වේදනාව ශ්‍රී ලංකාව පුරාම ජාති,  ආගම්, කුල භේදයකින් තොරව අපට සෑම තැනින්ම ඇසෙන බවත් අට පිරිකරටත් බදු ගහලා, පාත්තරේටත් වැට් ගහලා, පොඩි ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය දෙන්න අමාරුයි කියලා ලොකු හමුදුරුවෝ පවසන බවත් වකමුල්ලේ උදිත හිමියෝ කීහ.

ජනතාව පිරිනමන දානයෙන් යැපෙන හාමුදුරුවන්ටත් ජීවත් වීම අපහසු වී ඇති බව කී උන්වහන්සේ විදුලි බිල, ජල බිල, ගෙවන්න, බෙහෙත් ටික ගන්න, ඉස්ලාම්, කතෝලික, හින්දු ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන පල්ලි, කෝවිල් පවත්වාගෙන යන්න අමාරු තත්වයනක් උදාවී ඇති බව ද සඳහන් කළහ.

රටේ සියලුම දෙනාම වසර 133 ක සුද්දාගේ පාලනයත්, වසර 76 ක කළු සුද්දාගේ පාලනය යටතෙ කළ විනාශය අපට හැම තැනින්ම ඇහෙන්න ලැබෙන බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *