‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘ – මන්ත්‍රී චම්පික රණවක

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුටද පසුගිය රජයේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අත් වූ ඉරණම අත්විම නොවැලැක්විය හැකිය යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ඊයේ (1)කොළඹදී පැවසීය.

එදා පැවැති අරගලයට ඇතැමුන් උපහාසයෙන් යම් යම් දේ කීවද රටේ ජනතාව තමන්ට තෙල් ටික විදුලිය ආහාර සෞඛ්‍ය ආදි අවශ්‍යතා සපුරාලීමට සහ විදේශ ණය ගෙවීමට නොහැකි අය බලයට පත් කිරීමට සූදානම් නැතැයිද ඔහු පැවසීය.

තමාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂය මේ රටට අලුත් වැඩ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව පැවසූ රණවක මහතා ඒ පිළිබඳව ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවද කීය.

කොළඹ සුගතදාස  ගෘහස්ථ ක්‍රීඩාංගනයෙ අද පස්වරුවේ පැවති එම පක්ෂයේ දෙවන සමුළුව අමතමින් හෙතෙම ඒ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *