නවක වධය සිදුවීමට අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වධය ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් ඇප මත මුදාහැර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස කළ බවය.

සිදුවීම සම්බන්ධයෙන් සිසුන් 06 දෙනෙකු සහ එක් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබිණි.

නවක වධය ලබාදීම සම්බන්ධයෙන් 1997 මධ්‍යස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සිසුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා අධ්‍යාපන පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසකි.

ඔවුන් අවුරුදු 23, 24 සහ 25 යන වයස් කාණ්ඩවල පසුවන මොරවක, රුක්ගහවිල, ඉමදුව හා කිතලව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *