කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නව සිසුවියක නවක වදය විඳදරා ගැනීමට නොහැකිව කාර්මික විද්‍යාලය අසල වැවකට පැන්න අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් ඇය බේරාගෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. දැරියගේ තත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
එම සිසුවියට නවකවදය දුන් බව කියන සිසුන් 3 ක් හා එක් සිසුවියක ඇගේ ප්‍රකාශයකට අනුව අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
සැකකකාර සිසු සිසුවියන කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ යන් බව පොලිසිය කියයි.
කුලියාපිටිය කාර්මික විද්‍යාල ඉතිහාසයේ මෙවන් කෲරලෙස සිසුන්ට සැලකීමක් පිළිඳ වාරතා නොවූ බවත් ඊට සම්බන්ධ තවත් අය සිටීද යන්න පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි.
දැරිය වැවට පැනීමට ප්‍රථම කාර්මික විද්‍යාලයේ ගුරුභවතකු සමගින් සාකච්ඡවකද නිරතවී ඇතැයි කාර්මික විද්‍යාල ආරංචි පවසයි.