නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
නවකවදය පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බව පැවසූ අගමැතිවරිය පසුගිය වසර පහක කාලයේදී නවකවදය සම්බන්ධයෙන් නඩු පැවරීම් කිසිවක් කර නැතැයිද සඳහන් කළාය.
ඇය මෙසේ පැවසුවේ කළුතර මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.