නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කෙරේ

පිටකොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනයවීමට නියමිතව තිබූ රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දෙකක් අවලංගු කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ඒ බව පැවසීය.

වැලිකන්ද පූනානි ප්‍රදේශයේදී අද (05) පස්වරුවේ ටිපර් රථයක් උදයදේවි දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් මෙම දුම්රිය අවලංගු කිරීම සිදුකර තිබේ.

අනතුර හේතුවෙන් දුම්රිය එන්ජිම පිලී පැන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *