ධනුෂ්ක, කුසල් හා නිරෝෂන් පරීක්ෂණ කණ්ඩායම හමුවට

දැනට තාවකාලික ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබේ.

එම ක්‍රීඩකයින් තිදෙනා ඔවුන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය ට මුහුණ දීම සඳහා ඔවුන් එසේ පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල ආරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝණය කරමින් ඉකුත් ජුනි 27 වනදා රාත්‍රියේ ඔවුන් “ඩරම්” ප්‍රදේශයේදී සමාජගත වී සිටි බවට ඔවුන්ට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධ වීඩියෝ සාක්ෂියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

අදාළ සිද්ධිය වාර්තාවීමත් සමග අදාළ ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔවුන්ව ජුනි 29 වනදා ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *