දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ යෝජනාව ජාතික ජන බලවේගය භාර දෙයි

ජාතික ජන බලවේගය (NPP) විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කරන ලෙස ඉල්ලා කථානායකවරයාට යෝජනාවක් භාර දී තිබේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතාට යෝජනාව භාර දී තිබේ.

2023 දී වැලිගම, පැලෙන ප්‍රදේශයේ හෝටලයක් අසල වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *