දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු  තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපාණී ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන  විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය

අදාල තර්ජනය සම්බන්ධයෙන් දේශබන්දු  තෙන්නකෝන් මහතාට මේ වන විටත් පොලිසිය මගින් අනතුරු හඟවා ඇතැයිද  දැන ගන්නට ඇත.

උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  දේශබන්දු ෙතෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවසට ගොස් ඒ මහතා මුණගැසී  විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්ජි පානි ඉම්රන් නැමැත්තාඔහුගේ සමීපතම සගයන්ට ඔහු ව‍ෙඝාතනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වී ඇති බව දන්වා ඇති බවට ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම බුද්ධි නිලධාරින්ද එම තර්ජනය සම්බන්ධයෙන් ඒ පිළිබඳ සනාථ කරමින් වාර්තාවක් පොලිස් මූලස්ථානය වෙත මේන විටත් යොමු කර ඇතැයි ද  වැඩි දුරටත් දැනගන්නට ඇත.

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ තොරතුරු ඇතුළත් බුද්ධි අංශය මගින් වෙනම වාර්තාවක්ද පොලිස් මුලස්ථානය වෙත ලබා දී ඇති බවද  වාර්තාවේ.

යුක්තිය ඇතුළු මෙහෙයුම්වලින්  තෙන්නකෝන් මහතා පාතාලය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම හේතුවෙන් වෙනත් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් මරණ තර්ජන එල්ල විය හැකි බව එම වාර්තාවේ තොරතුරු සඳහන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *