මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
පොලිස්පතිවරයා මේ බව පැවසූයේ පාතාල මර්දනය සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පාතාල මර්දනයට විසුරුවා හැරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.