ආගමික සහ භාෂා වශයෙන් ජනතාව වෙන් නොවී එක්ව කටයුතු කරනවා නම් රටක් වශයෙන් දියුණු වෙනවා පමණක් නොව දේශපාලකයන් පිටුපස හිඟන්නන්සේ යාමට සිදු නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
“අපි ශ්‍රී ලාංකිකයො විදියට උදම් ඇනුවට අපේ රටේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරගන්න බැරි වුණා. අනික් හේතුව තමයි රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණා. මේ කාරණා දෙක ආරක්ෂා කරගත්තා නම් දේශපාලකයින්ගේ සුරංගනා කථා අහන් නැතුව කටයුතු කළා නම් රට සිංගප්පූරුවටත් එහා ගිහින් යැ අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සාමය හා සංහිඳියා කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් සහජීවන සංගම් පිහිටුවීමේ ක්‍රියාවලියේ තුන්වන අධියර ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයේදී ය.