අම්බලන්ගොඩ මෝදර දේවාල භූමිය තුළ ඇද වැටී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
පසුගිය 7 වන දා උදෑසන දේවාලය වෙත පැමිණි පුද්ගලයෙකු දේවාලයට ඇතුළු වන අතර පසුව එහිදී ඔහු ඇදවැටී ඇත.
පසුව හෙළි වී ඇත්තේ, ඔහු මියගොස් ඇති බවය.
දේහය සම්බන්ධයෙන් බලපිටිය මූලික රෝහලේදී සිදුකෙරුණු පී.සී.ආර්.පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.
එලෙස මියගොස් තිබුණේ හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.