රජයට අයත් Ocean View Development සමාගමට අයත් දෙල්කඳ ප්‍රදේශයේ පර්චස් 100 ක ඉඩමක නිවාස ඒකක 70 කින් සමන්විත සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය කාර්මික ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇත.
රජය ප්‍රකාශ කළේ රජයට කිසිදු බරක් පැටවෙන්නේ නැති පරිදි ආයෝජකයින් සමඟ එකතු වී පෙර විකුණුම් ක්‍රමවේදය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.