දෙමෝදර සංචාරකයන්ගෙන් පිරි යයි

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි දෙමෝදර  ආරුක්කු නමයේ පැරණි දුම්රිය පාලම නැරඹීම සඳහා  විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටිති.

විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමත් හා පාසල් නිවාඩුවත් හේතුවෙන් මෙසේ විශාල සංචාරකයන් පිරිසක් දිනයේ සෑම වේලාවකම  ආරුක්කු නමයේ පාලම නැරඹීමට පැමිණෙමින් සිටින  බව ආරුක්කු නමයේ පාලම අසල ප්‍රදේශයේ පදිංචි  පිරිස් පවසති.

1913 වසරේ වැඩ ආරම්භ කොට 1921 වසරේදී ඉඳි කිරීම්  අවසන් කරන ලද අඩි 80ක උසින් හා අඩි 300ක දිගකින් මෙන්ම අඩි 25ක පළලකින් සමන්විත ආරුක්කු නමයේ පාලමේ විෂ්මිත වාස්තුවිද්‍යාත්මක දක්ෂතාවය සහ ඒ අවට කඳුකරයේ ඇති හරිතකරණය හේතුවෙන් මෙම ප්‍රදේශය සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම ස්ථානයක් බවට මේ වනවිට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *