දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය  තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි

එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 2 ක් හා මත් පෙති 4500 ක් හා ජංගම දුරකථන හතරක්  පොලිස් භාරයට ගෙන ඇත

දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ගබඩා කර තිබෙන ස්ථානයක් මොරගහහේන පොලිස් වසමේ ගෝනපොළ කුඹුක වත්ත ප්‍රදේශයේ නිවසක ස්ථාපිත කර තිබෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දින කීපයකට පෙර ලද තොරතුරකට අනුව  එම නිවස වැටලූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙර වැරදි රැසක් තිබෙන පුද්ගලයන් බවත් ඔවුන් තිදෙනා වයස අවුරුදු 38,45 හා 46 අතර පසුවන්නන්ය

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මත්ද්‍රව්‍ය  දිසාව ,අධ්‍යක්ෂක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය , සහකාර අධ්‍යක්ෂක 3 , පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය ගාල්ලේේේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර , පොලිස් සැරයන් වරුන් වන 18261 ටිරොශන් ,66516 රංග , පොලිස් කොස්තාපල් වරුන්වන 32845 අතුල ,8075 සොයිසා ,11406 කුමාර ,94473 මදුෂාන් ,98107 මෙන්ඩිස් , 97089 ගෞතම් , 101269 රාජපක්ෂ මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *