දුෂ්කර අවස්ථාවේ පලස්තීනයට තව උදව් කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

ලෝක නායකයන් හා සංවිධාන එක්ව වහාම පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සඳහා කඩිනම් පියවරක් ගැනීමට රටක් ලෙස ලෝකයට   බල කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පලස්තීන භූමියේ සිදුවෙන ජන සංහාර නතර කරන්නැයි අවධාරණය කරමින් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

දුෂ්කර අවස්ථාවේ කළ හැකි මැදිහත්වීම කරමින් පලස්තීන ජනතාවට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්නට තමාට හැකියාව ලබන බව ද හිටපු  ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *