වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ශ්‍රීලනිප මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක කළ ඇප ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
ඒ අනුව දුමින්ද දිසානායක මහතා ලබන ජූනි මස 05 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් ඔහුගේ නිවස පරික්ෂා කිරීමට සෝදිසි වරෙන්තු නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරිය කටයුතු කළාය.
හතරවන සැකකරු වන දුමින්ද දිසානායක මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔහුගේ ළමා කාලය ගත කළ බවත් ඔහුගේ පියා බර්ටි ප්‍රේමලාල් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් අමාත්‍යවරයකු හා උතුරු මැද පළාත් මහ ඇමති ලෙසද කටයුතු කර ඇති පසුබිමක ඔහුගේ පියාට සහ පවුලේ උදවියට අනුරාධපුර ප්‍රදේශයේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් ,යුද හමුදා නිලධාරින් , හා එස්ටීඑෆ් නිලධාරීන් යොදා තිබූ බවත් 4 වන සැකකරු කුඩා කල සිටම හැදී වැඩුනේ අවි ආයුධ තිබුණු වටපිටාවක බැවින් අවි ආයුධ මොහුට විශේෂත්වයක් නොවන බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේය.