දුමින්දට එරෙහි විජයදාසගේ පෙත්සම යළි සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීති විරෝධී බවට තීන්දුවක්  ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ  පැමිණිල්ලට එරෙහිව  ගොනුකළ  අභියාචනා පෙත්සමේ  වැඩිදුර විභාගය හෙට සිදුකිරීමට   බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය  ඊයේ (21) දින නියම කළේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනුකළ  අභියාචනා පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙසේ දින නියම කෙරිණි .

ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාගයට ගැනිණි.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

දීර්ඝ  කරුණු දැක්වීම් වලින් අනතුරුව  පෙත්සමේ වැඩිදුර විභාගය අද දින තෙක් කල් තැබීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *