දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් අරඹයි

දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (30) පස්වරු 4.30 සිට ප්‍රවේශපත් නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පස්වරුවේ පැවසීය.

ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ එම ගැටලුව සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බවත් ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹීමට විධායක සභාව තීරණය කළ බවත් සෝමරත්න මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *