දුම්රියේ ගමන්කළ විදේශිකයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

දුම්රියේ ගමන්ගත් විදේශිකයෙකු දුම්රිය උමගක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියෙන් ඇල්ල බලා ගමන්කරමින් සිටි විදේශිකයෙකු මෙලෙස මියගොස් ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ නානුඔය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර ඇති අංක 19 දුම්රිය උමගේ ගැටීමෙන් මෙම විදේශිකයා මියගොස් ඇති බවය.

විදේශිකයාගේ සිරුර එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *