දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 267ක් පවතින බවත් ඉන් 90ක් අවුරුදු 40ට වඩා පැරණි ඒවා බව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදී අණාවරණය විය.
ඒ දුම්රිය දෙපාර්තමේන්තුව පසුගියදා පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදීය. එසේම අවුරුදු 20 ත් 30ත් අතර පැරණි දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 69ක් පවතින බවත්, අවුරුදු 10ත් 20ත් අතර 62ක් පවතින බවත්, අවුරුදු 10ට අඩු 46ක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.
මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව රටට අත්‍යවශ්‍ය ආයතනයක් බවයි. නමුත් ජනතාව අතර මේ සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් පවතින බවත් මේ තත්ත්වය වළක්වමින් මෙම ආයතනය වඩාත් කාර්යක්ෂම තත්වයට පත්කිරීමට කටයුතු කළ යතු බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය.