දුම්මලසූරිය මුස්ලිම් පල්ලියේ ගැටුම පිළිබඳව පොලීසියෙන් පරීක්ෂණ

දුම්මලසූරිය යාගම්වෙල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සිකුරාදා මුස්ලිම් පල්ලියේ යාඥාවක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇති බව ය.

සලාතය ඉටු කිරීමට පැමිණි මවුලවිතුමාට ගෙවීමට බැතිමතුන්ගෙන් මුදල් එකතු කිරීමේ ආරවුලක් මත පල්ලියේ දෙපිරිසක් අතර ගැටුමක් හටගත් බව ඔවුහු පැවසූහ.

පොලීසිය පැවසුවේ, මුස්ලිම් පල්ලිය ආසන්නයේ පිහිටි මුස්ලිම් පාසලක් සම්බන්ධයෙන් ද ගැටුමට හේතු වී ඇති බවයි.

ගැටුමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

හලාවත කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *