දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 21 කට නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (29 ) පස්වරුවේදි තව දුරටත් නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ සීතාවක ප්රාදේශිය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්රික්කයේ තවලම සහ නෙළුව ප්රාදේශිය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, ගලිගමුව සහ දැරණියගල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව ප්රාදේශිය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, ඇලපාත,කිරිඇල්ල, කලවාන, සහ අයගම යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ , ඇහැලියගොඩ රත්නපුර සහ ඉඹුල්පේ යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
ඊයේ 29 වනදා පස්වරුවේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද 30 වනදා සවස 4.00 වනතුරු බල පැවැත්වෙන බවත් වැසි තත්වය තව දුරටත් පවතී නම් අවදානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.