දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 76 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය සහ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නියාගම,ඇල්පිටිය, නාගොඩ, නෙළුව සහ තවලම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ ඕකේවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මදුරාවල සහ බේරුවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, අගලවත්ත වලල්ලාවිට, දොඩංගොඩ සහ හොරණ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර අති අතර බුලත්සිංහල, මතුගම,පාලින්ද නුවර සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තුන් වන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, ගඟඉහළ කෝරළය, උඩුනුවර, යටිනුවර, සහ ගඟ වට කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රඹුක්කන, අරණායක, මාවනැල්ල,කෑගල්ල, සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද දැරණියගල,දෙහිඕවිට,වරකාපොළ, රුවන්වැල්ල, සහ යටියන්තොට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරම්මල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් තර තිබේ
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස,මාතර,මාතර නගරය සහ කඩවත්සතර,දෙවිනුවර, කඹුරුපිටිය, පස්ගොඩ, වැලිගම, මාලිම්බඩ, දික්වැල්ල,හක්මන,තිහගොඩ,වැලිපිටිය, අතුරලිය සහ කිරින්ද පුහුල්වැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද මුලටියන පිටබැද්දර,සහ කොටපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත , වැලිගෙපොළ, ගොඩකවෙල, සහ කොලොන්න යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද,ඕපනායක, බලංගොඩ, සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද ඇල්පිටිය, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, රත්නපුර, නිවිතිගල, කිරිඇල්ල, සහ කලවාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා තුන් වන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.