දිස්ත්‍රික්ක කිහිපයකට ක්ෂණික ගං වතුර අවදානමක්

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට තදවැසි ඇතිවීම් අවදානමක් පවතින බැවින් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම් වල සිටින ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පවසයි.

කලු ගගේ අතු ගංගාවන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල අවට පහත්බිම් සහ  අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල  සුලු ගංවතුර අවධානමක් තවදුරටත්  පවතින බවත් ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව කැලණි, කළු, ගිං, නිල්වලා සහ බෙන්තර ආදී ගංගාවල සහ මහ ඔය, දැදුරුඔය සහ අත්තනගලු ඔයේ ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී වර්ෂාව තදින් පතිත වුවහොත් මෙම ගංගා සහ ඇලදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා තවදුරටත්පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *