දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ මුලික අයිතිවාසිකම් කඩවෙලා

දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරියක් මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ මුලික අයිතිවාසියක් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට එරෙහිව දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සිය නිර්දේශයන් බලරහිත කිරීමට  නියෝග කළේය.

දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරියක් වු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිණී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරියක් මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දේශපාලන පළිගැනීම්  සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයන් වු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු පොලිස්පතිවරයකු වු චන්ද්‍රා පුනාන්දු යන මහත්වරු එවකට හිටපු අමාත්‍ය මණ්ඩලයද නම් කර ඇත.

දීරඝ විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන් කර ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරියක් මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් සොයාබැලීමට පත්කල  ජනාධිපති කොමිෂම් විසින් නිර්දේශ කීපයක් කර ඇති බවත් පෙස්සම්කාරිය සොලිසිටර් ජනරාල් වශයෙන් සිටියදී හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව චෝදනා කිරීමට කටයුතු කිරීමේදී ද්වෙෂ සහගත අන්දමින් කටයුතු කර ඇති බවට කරුණු හෙළි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව රාජ්‍ය සේවා කොමිසම මගින් චෝදනා පත්‍රයක් දී විනය පරීක්ෂණයක් කිරිම සුදුසු බවට නිර්දේශ කර ඇති බවද සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දූෂණ චෝදනා ඉදිරිපත් කිරීම සහ බොරු සාක්කි නිර්මාණය කරන ලෙස තමා යටතේ කටයුතු කළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම මඟින් පෙත්සම්කාරිය රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද දේශපාලන පළිගැනීම්  සොයා බැලීමේ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයිද ජනාධිපති කොමිසමේ මෙම නිර්දේශ හේතුවෙන් තම මූලික අයිතිවාසියන් කඩ වී ඇති බවට කීන්දු කරන්නැයිද ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයිද ඉල්ලමමින් ඇය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ්ගොනු කර ඇතැයිද තීන්දුවේ සඳහන් කර ඇත.

මෙහි වගඋත්තරකරුවන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් දේශපාලන පළිගැනීම් සොයා බැලමේ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් හේතුවෙන් පරිපාලන හෝ විධායක ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසියක් කඩවිමක් වී නොමැති හෙයින් තේසම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීම් කර තිබිණී.

පෙතස්මේ 32 වැනි වගඋත්තරකරු ලෙස නම්කර සිටින වඩුගේ පාලිත ප්‍රනාන්දු ඇමැත්තා දේශපාලන පළිගැනීම් සොයා බැලමේ ජනාධිපති කොමිසමට කරන ලද පැමිණිල්ලක් මත පෙත්සම්කාරියට එරෙහි විමර්ශන සිදු කරනු ලැබ ඇතත් ඔහු දේශපාලන පලිගැනීම් ලක්වුවකුගේ ගණයට නොවැටෙන හෙයින් මේ සඳහා පැමිණිලි කිරීමට ඔහුට නීත්‍යානුකූල බලයක් නොමැති බවද තන්දුවේ සඳහන් කර ඇත.

ඒ අනුව ඔහුගේ පැමිණිල්ල මත පෙත්සම්කාරියට එරෙහිව කළ නිර්දේශයන්ද නීත්‍යානුකූල නොවන බවත් දේශපාලන පළිගැනීම් සොයා බැලමේ ජනාධිපති කොමිසම මෙම නිර්දේශ කර ඇත්තේ සිය බලාධිකාරියට පරිබාහිරව බවත් තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තත්වය අනුව ව්‍යවස්ථාවේ සඳහන් සමාන සැලකුම් ලැබීමේ පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම වගඋත්තරකාර දේශපාලන පළිගැනීම් සොයා බැලමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයන් විසින් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බවද සඳහන් කර ඇත.

මෙම තත්වය අනුව දේශපාලන පළිගැනීම් සොයා බැලමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයන්ගේ තීරණය හේතූවෙන් පෙත්ස්ම්කාරියගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය දේශපාලන පළිගැනීම් කොමිසම පෙත්සම්කාරිය සම්බන්ධයෙන් දෙන ලද සියළු නිර්දේශයන් බලරහිත කිරීමටද නියම කළේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා පෙනී සිටියේය.

වගඋත්තරකාර කොමිසමේ සාමාජිකයන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහත්වරු පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *