මීගමුව සිට කළුතර දක්වා වෙරළ තීරයේ දින තුනක් වැනි කෙටි කාලයක් තුළ කැස්බෑ මළ සිරුරු 20 ක් පමණ ගොඩ ගසා ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, කැපුන්ගොඩ, පමුණුගම, මුතුරාජවෙල වගුරුබිම සහ ඉඳුරුව මුහුදු ප්‍රදේශවලින් මෙම මළ සිරුරු සොයාගෙන ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ කැස්බෑ මළ සිරුරු රැසක් හමුවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් දිය යට ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම කැස්බෑවුන් මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
එම තත්ත්වය හමුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මියගිය කැස්බෑවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙස දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.
මේ අතර, මියගිය සියලුම කැස්බෑවන් එකම ප්‍රමාණයේ සහ එකම විශේෂයට අයත් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අනාවරණය කර තිබේ.
එම මුහුදු ප්‍රදේශවල ජල සාම්පල පරීක්ෂාවට ලක් කරන බව ද නාරා ආයතනය නිවේදනය කරයි.
“මෙම විශ්ලේෂණයේ අරමුණ වන්නේ සාගර ජලයේ ඇති කිසියම් අපවිත්‍ර ද්‍රව්‍යයක් හෝ අහිතකර තත්වයන් කැස්බෑවන් කෙරෙහි බලපෑමක් ඇති කර තිබේද යන්න තීරණය කිරීම, ඔවුන්ගේ මරණයට දායක විය හැකිද යන්න” NARA නිලධාරියෙක් පැවසීය.