ICCයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ.
ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ කයිල් ජැමීසන්,රවිචන්ද්‍රන් අශ්වින් සහ ජෝ රූට් වෙයි.
එක් එක් ක්‍රීඩකයින් මෙම වසරේදී මෙතෙක් දක්වා ඇති දස්කම් මෙසේය…
දිමුත් කරුණාරත්න – ශ්‍රී ලංකාව
ටෙස්ට් තරග – 07
ලකුණු – 902
සාමාන්‍ය – 69.38
ශතක – 04
කයිල් ජැමීසන් – නවසීලන්තය
ටෙස්ට් තරග – 05
ලකුණු – 105
සාමාන්‍ය – 17.50
කඩුලු – 27
සාමාන්‍ය – 17.51
රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව
ටෙස්ට් තරග – 08
කඩුලු – 52
සාමාන්‍ය – 16.23
ලකුණු – 337
සාමාන්‍ය – 28.08
ශතක – 01
ජෝ රූට් – එංගලන්තය
ටෙස්ට් තරග – 15
ලකුණු – 1708
ශතක – 06
ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ ක්‍රිකට් තරග වර්ෂයක් තුළ ලකුණු 1,700 ඉක්මවා ගිය තෙවැනි ක්‍රීඩකයා වන්නේ රූට් ය. මීට පෙර ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ මොහොමඩ් යුසුෆ් එම දස්කම දක්වා තිබේ.