අයහපත් කාලගුණය හේතුවෙන් මේ මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා දින හතර තුළ පාරිභෝගිකයින් 431,500 කට අධික පිරිසකට විදුලිය ඇනහිටීම් හේතුවෙන් විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400 කට අධික සංකයාවක් ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
අද පස්වරු 3.00 වන විට විදුලි බිඳවැටීම් 16,000 කට අධික සංඛ්‍යාවක් යථා තත්වයට පත්කර පාරිභෝගිකයින් 330,000 කට පමණ විදුලි සැපයුම දුන් බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය සහ සේවා කාර්ය මණ්ඩලය විපතට පත් සියලුම පාරිභෝගිකයන් වෙත විදුලිය යථා තත්වයට පත් කිරීම සඳහා පැය 24 පුරා සේවය සපයන බව ද සඳහන් කළේය.