දැවැන්ත බදු වංචාවක් ගැන හෙළිදරව්වක්

සීනි සඳහා ශත 25 ක තිබූ බදු මුදල රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම පසුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම හෙළිදරව්ව සිදුකළේය.

ඒ මහතා සඳහන් කළේ බද්ද වැඩිකිරීමට මොහොතකට පෙර එක්තරා සමාගමක් පැරණි බදු මුදලට සීනි කිලෝග්‍රෑම් 520,000 ක ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවය.

මෙලෙස නිදහස් කරගෙන ඇති සමස්ත සීනි ප්‍රමාණය ට රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් 130,000ක් බවද ඒ මහතා පැවසීය.

රුපියල් 50ක නව බදු මුදල අයකළේ නම් ඉන් රජයට රුපියල් 18,000,000ක මුදලක් ගෙවිය තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී සීනි බදු මුදල රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩුකරන මොහොතේද මෙම සමාගම විසින් රේගු ගුදම්වල රඳවාගෙන සිට නිදහස් කරගනිමින් රජයට ගෙවීමට නියමිතව තිබූ දැවැන්ත බදු මුදල් ප්‍රමාණයක් වංචා කළ බවද පුබුදු ජයගොඩ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *