දැරියක් දුම්රියෙන් එළියට විසි වෙලා

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ  දුම්රියේ ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේ දි දුම්රියෙන් වැටී ඇතැයි පොලිසිය කියයි.

බරපතල තුවාල ලබා දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.

දුම්රිය මැදිරිය තුළ ආහාර ගෙන පසුව  ජනේලයෙන් අත පිටට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවද පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *