දැඩි උණුසුමෙන් බේරෙන්න වැවට බැහැලා

අනුරාධපුරයට බලපා ඇති දැඩි අව් රශ්මිය හා උෂ්ණත්වයෙන් බේරීමට බොහෝ පිරිසක් වැව් අමුණුවලට බැස සිසිලක් ලබා ගන්නා අයුරු දැකගන්ට ඇති සුලබ දසුණකි.

පිටස්තර ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් කුඩා හා මහා පරිමාණ ජලාශවලට බැස වැඩි වේලාවක් ගත කරන අයුරුද දැක ගත හැකි විය. එමෙන්ම ඇතිවන දැඩි පිපාසය හේතුවෙන් තැඹිලි, කුරුම්බා සහ දොඩම්පානයට ද දැඩි ඉල්ලුමක් ඇතැයි වෙළෙන්දෝ පවසති.

මීට මාසයකට පෙර පිටාර ගැලූ මල්වතු ඔය මේ වන විට කුඩා දිය කඩිත්තක් බවට පත්ව තිබේ.

අනුරාධපුර නගරයේ අද දහවල්  උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක අගයක පැවතුණි.

උදෑසන සිටම පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ දහදිය දමන ප්‍රමාණය වැඩිවී රාත්‍රී කාලයේ නින්ද නොයන තත්ත්වයකට ඇති බවත් කාලයේ ශරීරයේ දැවිල්ල, හිසේ කැක්කුම, මුත්‍රා දැවිල්ල දක්වා එය වැඩි වන බව නගර වැසියෝ පිරිසක් මෙහිදී පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *